“හෙඩ්ලයින්” මගින් ජාතීන් අතර බේද වපුරන බවට ජනමාධ්‍යයට චෝදනා | VIDEO

මුස්ලිම් සහ ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර බරපතල නොවන බව කියන ආරක්ෂක ලේකම්වරයා ඒවා ජාතීන් අතර අසමගිය වර්ධනය කිරීමට ජනමාධ්‍ය යොදාගන්නා ආවේගශීලී පුවත් සිරස්තල බවට ජනමාධ්‍ය දෝෂ දර්ශනයට ලක් කළේය.

ගැටුම් සම්බන්ධ සිදුවීම් දහසයක් පොලිසියට වාර්තා වී තිබෙන බව පවසන ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි “සංහිඳියාවයි සංග්‍රාම ශක්තියයි” නමින් පැවැත්වීමට නියමිත රණවිරු උපහාර සංස්කෘතික ප්‍රසංගයක් පිළිබඳව මාධ්‍යවේදීන්ට දැනුම් දෙමින් එම ප්‍රහාර හඳුන්වන ලද්දේ “සුළු සිදුවීම්” ලෙසයි.

“හෙඩ්ලයින් නම් හොඳයි, ලැබෙන ප්‍රතිපලය මිනිසුන් ඇවිස්සීමයි,” යයි කී ආරක්ෂක ලේකම්වරයා ගැටුම් සම්බන්ධ සිදුවීම් වාර්තා නොකරන ලෙස ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෑත මාසයක පමණ කාලයක් ඇතුලත මුස්ලිම් සහ ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර හතළිහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබේ.

“සුළු සුළු ස්ථානවල අන්තවාදී කොටස් ඉන්නවා,” යි ආරක්ෂක ලේකම්වරයා පිළිගත්තේය.  “අපි ඒවා බැහැර කරන්නේ නෑ.”

ඒවාට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවට ආරක්ෂක ලේකම්වරයා සහතික විය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා කියා තිබුනේ සිදුවන්නේ ආගමික ගැටුම් බවත් ඒවා නිරාකරණය ආගමික නායකට්‍යන්ගේ වගකීමක් බවත්ය.

 

Related posts

Comments are closed.

Top