මරණාසන්නයේ සිටි සංක්‍රමණිකයන් 92 ක් උතුරු නයිජීරියා හමුදාව මුදා ගනී

අප්‍රිකාවේ සහරා කාන්තාරයේ අතරමංව මරණයේ දොරටුව අද්දර සිටි සංක්‍රමණිකයන් 92 ක් උතුරු නයිජීරියා හමුදා විසින් මුදවා ගෙන තිබේ.

කාන්තාවන්,ළමයින් ඇතුළු කණ්ඩායමක් ආහාර හෝ ජලය නොමැතිව හොර ජාවාරම්කරුවන් විසින් කාන්තාරයේ අතරමං කර දමා ගොස් ඇති බවයි  එරට හමුදා ප්‍රකාශ කරන්නේ.

මුදවා ගත් පිරිස සහන මධ්‍යස්ථානයට ගෙන ගිය පසු එක් පුද්ගලයකු මිය ගිය බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) පවසයි.

මධ්‍යධරණී මුහුද පසුකර යුරෝපයට යෑමේ අභිප්‍රාය ඇති අප්‍රිකානු සංක්‍රමණිකයන් කාන්තාරය තරණය කරන්නේ ලිබියාවට ඇතුල්වීමේ බලපොරොත්තුවෙනි.

කෙසේ වෙතත් ජලය සහ ආහාර ස්වල්පයක් සහිතව  ට්‍රක් රථ වලට පටවාගත් ඔවුන්ගේ කාන්තාර ගමන උපද්‍රව පිරුණු එකකි.

ගමන් කරමින්  සිටි ට්‍රක් රථයක් කැඩී යාම හේතුවෙන් මිට දෙසතියකට ඉහත, සහරා කාන්තාරයේ දී මිනිසුන් 40 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

Related posts

Comments are closed.

Top