චන්ද්‍රිකාගේ ප්‍රකාශයක් ගැන මහින්දගෙන් මාධ්‍ය නිවේදනයක්

news

හිටපු ජනාධිපතිනි,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉන්දියාවේ ‘‘ද හින්දු’’ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

තමාගේ නායකත්වය යටතේ තිබු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව පරාජයට පත්කරවීමට හැකිවීම පිළිබඳ සිය පි‍්‍රතිය පළ කරන බවට හිටපු ජනාධිපතිවරිය ‘‘ද හින්දු’’ පුවත්පතට ප‍්‍රකාශ කර ඇතැයි පෙන්වා දෙන මහින්ද රාජපක්‍ෂ , එය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සහ මේ රටේ සියලූ ජනතාවගේ අවධානයට ලක්විය යුතු ප‍්‍රකාශයක් බව මාධ්‍ය නිවේදනයේ සදහන් කර තිබේ.

සිය නිවේදනය මගින් මහින්ද රාජපක්‍ෂ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමා සහ තම පක්‍ෂය හොරුන් හෝ මිනීමරුවන් ලෙස හුවා දැක්වීම තුළින් පක්‍ෂයට අගතියක් සිදුවන බවයි.

 

 

 

 

 

 

Related posts

Comments are closed.

Top