උද්ඝෝෂකයන්ට වෙඩිතැබීම ගැන වෙනිසියුලාවේ හමුදා ලොක්කන් හතරක් ඉවතට

වෙනිසියුලා හමුදා උසස් අණදෙන නිලධාරීන් හතර දෙනකු ඉවත් කිරීමට එරට ජනපති නිකලස් මඩුරෝ කටයුතු කර ඇත.

පසුගිය මාස කිහිපය තුළ වෙනිසියුලාවේ පැවැත්වුණු ජනතා උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ විසින් ජීව උණ්ඩ භාවිත කිරීම නිසා මෙම ඉවත් කිරීම් සිදු කර තිබේ.

ඉවත් කළ හමුදා නිලධරීන් අතර ජාතික ආරක්ෂක අංශ ප්‍රධානි ජෙනරාල් අන්තෝනියෝ තෝර් ද සිටි.

උද්ඝෝෂකයන් පවසන ආකාරයට ඔවුන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාර ගණනාවක් මෙහෙයවනු ලැබුවේ ජනරාල් අන්තෝනියෝ ය.

හමුදා, නාවික හමුදා සහ යුද උපක්‍රම මෙහෙයවන යන උසස් අණදෙන නිලධාරී තනතුරු ද නැවත පිහිටුවන බව ජනපති නිකලස් පවසා ඇත.

එසේම නව පොලිස් නිලධාරීන් සහ ජාතික ආරක්ෂක භටයින් 40,000 ක් බඳවා ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබේ.

හමුදා නිලධාරීන් උද්ඝෝෂණකරුවන් වෙත වෙඩි තබන ආකාරය පැහැදිලිව පෙන්නුම් කෙරෙන ඡායාරූප කිහිපයක් 19 සඳුදා එලි දැක්විනි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය සංවිධානය හමුවකදී, වෙනිසියුලාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා නැගුනි.

 

Related posts

Comments are closed.

Top