පාකිස්ථාන ඉන්ධන බවුසරයක හටගත් ගින්නෙන් 150 ක් මරුට

පාකිස්තානයේ අහමද්පුර් හි ඉන්ධන බවුසරයක් ගිනි ගෙන පුපුරා යාම නිසා අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනකු මිය ගොස් ඇත.

25 ඉරිදා පෙරලී ගිය ඉන්ධන බවුසරයෙන් පිටතට කාන්දු වන තෙල් එක්රැස් කිරීමට එකතු වූ ජනතාව ගීන්නට හසු වී ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයන් විශාල පිරිසක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

මාර්ගයේ පිහිටි ඉතා තියුණු වංගුවක් ආසන්නයේදී රථයේ රෝදයක් පුපුරා යෑම නිසා මෙම අනතුර සිදු ව ඇත.

දුම් වැටියක් දැල්වීම හේතුවෙන් ගින්න හටගෙන ඇති බව මුදවා ගැනීමේ කාර්යාංශ ප්‍රකාශක ජම් සජ්ජාඩ් පවසා තිබේ.

“අවම හානියක් විශාල හානියක් බවට පත්වුණා,” යනුවෙන් වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත.

තුවාලකරුවන් කඩිනමින් රෝහල් කරා ගෙන යාමට හමුදා හෙලිකොප්ටර් යානා භාවිත කළ ද මරණ සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවට එරට හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසිෆ් ගාෆුර් බිය පල කරයි.

ලීටර් 25,000ක ඉන්ධන කරච්චි නුවර සිට ලාහෝර් වෙත ගෙන යන අවස්ථාවේදී අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

Related posts

Comments are closed.

Top