දේශසීමා කපොල්ලකින් හමුදා ඉවත් කරගන්නා ලෙස චීනය ඉන්දියාවෙන් ඉල්ලයි

 

ටිබෙටය සහ සිකීමය අතර දේශ සිමා ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් චීනය ඉන්දියාවට චෝදනා කිරීම සමගින් දෙරට අතර ගැටුම්කාරී තත්වයක් මතුවී තිබේ.

ඉන්දීය හමුදා දේශ සිමා තරණය කර චීනයට අයත් ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු වලට අවහිර වන පරිදි ක්‍රියා කර ඇති බව එරට බලධාරීන් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත.

චීන හමුදා තම භූමියට ඇතුල්වූ බවට ඉන්දියාවද චෝදනා කර තිබේ.

පසුගිය සති පුරා උද්ගත වුණු කලබලකාරී තත්වය නිසා වන්දනාකරුවන් නිල වශයෙන් ඇතුල්වන නන්දු ලා දුර්ග මාර්ගය දැමීමට ද චීනය කටයුතු කර තිබේ.

ඉන්දීය වන්දනාකරුවන් බෞද්ධ සහ හින්දු ආගමික ස්ථාන වන්දනාමාන කිරීම සඳහා පිවිසීමට සම්ප්‍රදායිකව භාවිත කරන්නේ මෙම දුර්ගයයි.

චීනය සහ ඉන්දියාව අතර සිමා ප්‍රදේශ ගැටුම් ඇති වන්නේ 1967 පටන්ය.

ඉන්දීය ආරක්ෂකයන් චීන හමුදා විසින් සිදු කරනු ලබන සාමාන්‍ය වැඩ කටයුතු වලට බාධා වන පරිදි හැසිරෙන බවත් ඔවුන් වහාම එතැනින් ඉවත් විය යුතු බවත් චීන විදෙස් අමාත්‍යංශය ප්‍රකාශක කර ඇත.

කෙසේ වෙතත් තම ප්‍රදේශයට පැමිණි චීන හමුදා බංකර දෙකක් විනාශ කර ඇති බවට ඉන්දීය මාධ්‍ය චෝදනා එල්ල කරයි.

 

Related posts

Comments are closed.

Top