නඩු පැරදුනු සිගරට් දැවැන්තයාට කෝටි ගණනක දඩයක්

 

ඕස්ට්‍රේලියා රජයට ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට ෆිලිප් මොරිස් දුම්කොළ නිෂ්පාදන සමාගමට සිදුව තිබේ.

ඒ ලොව පළමු “නිදහස් දුම්වැටි ඇසුරුම් නීතිය” ගෙනා එරට රජයට එරෙහිව පැවරූ  නඩුව පරාජය  වීමෙන් අනතුරුවය.

දුම්වැටි විකිණීම සඳහා සිත් ඇදගන්නා සුලු අසුරන භාවිත නොකිරීම සහ සෞඛ්‍ය පිළිබඳ අනතුරු ඇඟවීමේ රූප ඇතුලත් කිරීම අනිවාර්ය කරමින් 2012 දී ඕස්ට්‍රේලියාව නීතියක් පැනවිය.

ෆිලිප් මොරිස් සමාගම මෙම නිතිය බල රහිත කිරීමේ උත්සාහයක නිරත විය. නමුත් සමාගමේ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එසේම රජයේ නීති ගාස්තු ගෙවා දැමීමට ද දුම්කොළ නිෂ්පාදනයේ දැවැන්තයන් හට නියෝග කර තිබේ.

ගෙවීමට නියමිත සම්පුර්ණ මුදල අන්තර්ජාතික ස්ථාවර විනිශ්චය අධිකරණය (PCA) විසින් තීරණය කරනු ඇත. එම ගාස්තුව ඕස්ට්‍රේලියා ඩොලර් මිලියන 50 කට වඩා වැඩි වනු ඇති බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත් පත වාර්තා කර තිබේ.

ඕස්ට්‍රේලියාව විසින් මෙම නීතිය සම්පාදනය කිරීමෙන් අනතුරුව ඊට සමාන නීති එංගලන්තය, ප්‍රංශය යන රටවල ද ස්ථාපිත කෙරුණි.

ශ්‍රී ලංකාවේ දුම්වැටි ඇසුරුම් වල සියයට 60ක් වැසී යන පරිදි රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මුද්‍රණය කළ යුතු බවට අධිකරණය විසින් 2014 ජූලියේ දෙන ලද නියෝගය ක්‍රියාවේ යෙදවුනේ 2015 ජනවාරියේ සිටය.

Related posts

Comments are closed.

Top