අලුත් ආණ්ඩුව යටතේත් ‘පැහැරගැනීම් හා ලිංගික වධ බන්ධන’

Untitled-1

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  බලයට පත්වූ පසුත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව වධ බන්ධන සිදුකරන බවට අලුත්ම තොරතුරු රැගත් වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එලි දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ වාර්තාව සකස්  කළ මර්සුකි දරුස්මාන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥ මණ්ඩලයේ සාමාජිකා යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය (ITJP) විසින් මේ සතියේ නිකුත් කරන ලද වාර්තාවකට 2015 සිදුවීම් වලට මුහුණ දුන් එකොලොස් දෙනකු සවිස්තර තොරතුරු ලබාදී ඇත.

තමන් හට විස්තර කී පිරිස මේ වන විට විදේශ ගතවී සිටින බව පවසන  ITJP ව්‍යාපෘතිය සඳහන් කරන පරිදි ඒ අතරින් තිදෙනකු කාන්තාවන් ය, අට දෙනකු පිරිමින්ය.

ජෝසප් කෑම්ප්

Microsoft Word - Final Report .docඒ අතරින් එක කාන්තාවක් ප්‍රකාශ කොට ඇති පරිදි මේ වසර මැදදී වවුනියාවේ පිහිටි  ‘ජෝසප් කෑම්ප්’ නමින් හැඳින්වෙන වවුනියාවේ ඒකාබද්ධ හමුදා අණදෙන මුලස්ථානයේදී කිහිප වාරයක් දූෂණය  කොට තිබේ.

ඒ කඳවුර තුල සිටියදී ගැහැනුන් සහ මිනිසුන් දෙමළෙන් කෑ මොර දෙමින් හඬනු තමනට ඇසුණු බව ඇය ITJP සංවිධානයට පවසා ඇත.

මැයි මාසය තරම් මෑත දී සුදු වෑන් රියකින් පැහැරගෙන යනු ලැබූ වග පැවසූ  තවත් දෙමළ තරුණයකු කියා ඇත්තේ යුද හමුදා ඔත්තු සේවාවේ යැයි ප්‍රකාශ කළ පිරිසක් විසින් හඳුනා ගත නොහැකි ස්ථානයකදී තමන් වධ බන්ධනයට පැමිණවූ බවයි.

සුදු වෑන් 

හතර දෙනකු විසින් සුදු වෑන් රියකින් පැහැරගෙන යනු ලැබූ බව කියන තවත් දෙමළ තරුණයකු පවසා ඇති පරිදි සිහිසන් වන තුරු වැලි පිරවූ පයිප්ප බට වලින් පහර දුන්නවුන් තමන් විවිධ ඉරියව් වලට හරවා ඡායාරූප ගෙන තිබේ.

ITJP සංවිධානය පවසන පරිදි පීඩාවට පත්වූවන් ගොදුරු වූ ලිංගික හිංසනය අතිශයින් කුරිරුය. බොහෝ අවස්ථාවලදී ඊට අපරාධ කරුවෝ  කිහිප දෙනෙක් ම හවුල් වෙති.

රහසිගත කඳවුරු

2009න් පසුව සිදුවූ  සිරගත කොට වධ හිංසා කිරීම් එකසිය අසූවක විස්තර තමන් විසින් ලේඛණ ගතකොට ඇතැයි පවසන ITJP ය, හිටපු විමුක්ති කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කරන කඳවුරු, පොලිස් ස්ථාන, යුද හමුදා කඳවුරු සහ බොහෝ රහසිගත ස්ථාන වල දෙන ලද වධ බන්ධන ඊට ඇතුලත් බව සඳහන් කරයි.

ඒ වධකාගාර පිහිටි තැන් වල සිතියමක්ද වාර්තාවේ දැක්වේ.

වධ බන්ධනයට පත්වුවන් කී විස්තර ජාත්‍යන්තර වෛද්‍ය සහ නීතිවේදී පරීක්ෂණ මගින්ද, තුවාල සහ කැළැල් වල ඡායාරුප වලින්ද තහවුරු වන බව ITJP පවසයි.

2015 සිදුවීම් ද රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ පැහැරගැනීම් රටාවම අනුව යන බවයි එම සංවිධානය පවසන්නේ.

Related posts

Comments are closed.

Top