අගමැති සම්බන්ධන්ට දුන් සහතිකය “දේශපාලන වාසි තකා කියුවක්”

ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම සදහා ඩී.එස්. සේනානායක සමග කැප වුණු පිරිස අතුරින් අදත් ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා  විපක්ෂ නායක සම්පන්තන් යැයි අගමැතිවරයා කියනවා නම් එය ඔහුගේ නොදන්නා කමට කියූ කතාවක් නොවිය යුතුයි.

එය  දේශපාලන වාසියක් ඇතැයි සිතා කියූ මෝඩ කතාවකි.

ලංකාවට නිදහස ලැබෙනකොට සම්පන්තන්ට වයස හරියටම අවුරුදු 15ක්. ඔහුගේ උපන් දිනය 1933 පෙබරවාරි 05. එවිට ඔහු  මොරටුව ශාන්ත සෙබෙස්තියන් විදුහලේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඔහු දේශපාලනයට පැමිණියේ Proctor කෙනෙකු හැටියට ත්‍රිකුණාමලේ උසාවිය වැඩකරමින් සිටියදී 1959 දී. ඒ චෙල්වනායගම්ගේ බලවත් ඉල්ලීම නිසා යයි සම්පන්තන් 2014 දී රාවය පුවත් පත සඳහා මා සමග කළ සාකච්චාවේදී කියුවක්.

රටේ අගමැතිවරයා මෙවැනි මෝඩ කතා කියනවිට ඔහුද චතුර කෙනකු සහ එල්ලාවල  මේධානන්ද හාමුදුරුවෝ වගේ අඳ බාල දේශපාලකයන් සමග සිට ගන්නකු වේ.

කුසල් පෙරේරා 

Related posts

Comments are closed.

Top