ඇමරිකාවට හොරෙන් ගෙනා නමයක් ට්‍රක් රථයක් ඇතුලේ මියයති

 

පුද්ගලයන් පිරිසක් නීතිවිරෝධී ලෙස පටවා ඇමරිකා එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ වොල්මාර්ට් සාප්පු සංකීර්ණ රථ ගාලක නවතා තිබූ ට්‍රක් රථයක  රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වායු සමීකරණ පද්ධතියක් නොමැති වීමෙන් උෂ්ණත්වය ඉහල යෑම නිසා රථය පිටුපස සිටි ළමුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 9 දෙනකු ජිවිතක්ෂයට පත් වී ඇත. ඉතිරි පුද්ගලයන් 28 ක් රෝහල් කරා යොමු කර තිබේ.

රථය නවතා තිබූ ශාන්ත අන්තෝනියෝ හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහල ගොස් තිබූ අවස්ථාවක වාතාශ්‍ර පහසුකම් හෝ ජලය නොමැතිව මෙම පිරිස තබාගෙන ඇත.

ජලය සපයාගැනීම පිණිස ට්‍රක් රියේ සිට පැමිණි පුද්ගලයකු පිළිබඳව වෝල්මාට් සාප්පු සංකීරණයේ සේවකයකු පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම පිරිස මුදවා ගෙන තිබේ.

රෝහල් ගත කළ පුද්ගලයන් 20 දෙනකු විජලනය නිසා අසාධ්‍ය තත්වයේ පසු වන බව වෛද්‍යවරු පවසති.

ජේම්ස් මැතිව් බ්‍රැඩ්ලී නමින් බලධාරීන් විසින් නම් කළ 60 හැවිරිදි ට්‍රක් රථ රියදුරු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

22 සෙනසුරාදා වූ සිදුවීම සඳහා මිනිස් ජාවාරම්කරුවන්ගේ සම්බන්ධතාවයක් ඇති බවට පොලිසිය සැක පල කරති.

දිවි ගලවාගත් පුද්ගලයන් මුදා ගැනීමට පැමිණෙන අවස්ථාවේදී, ඉන් සමහරක් අසල තිබූ වනයට පැන ගොස් තිබුණි.

වනයේ සිට සොයාගත් එක් පුද්ගලයකුට ද ප්‍රතිකාර කරනු ලැබේ.

මුදවාගත් පිරිසෙහි අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා මෙක්සිකෝ රජය සහ එක්සත් ජනපදය එක්ව ක්‍රියා කරමින් සිටියි.

මෙක්සිකෝ දේශසීමාවේ සිට ශාන්ත අන්තෝනියෝ වෙත ළඟා වීමට යන්නේ පැය කිහිපයක් පමණි.

 

Related posts

Comments are closed.

Top