රයන් අත්අඩංගුවට ගැනීමේ තැත ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාව

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට තැත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට සඳුදා (24 වැනිදා) පැමිණිලි කරන ලදී.

එසේම ලිප්ටන් වටරවුමේ සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන්ට පහරදීම පිළිබඳව සහ පසුගිය දිනවල විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාර පිළිබඳව ද අදාල පැමිණිල්ලේ කරුණු ඇතුලත් කර තිබේ

මාධ්‍ය ආයතන දර්ශන

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පසුගිය බ්‍රහස්පතින්දා (20) කොළඹ අපරාධ කොට්‌ඨාසය කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී බලහත්කාරයෙන් මුදාගෙන පොලිසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයන් නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා එම අවස්‌ථාවට එක්‌වූ විද්යුත් මාධ්‍ය ආයතන හයක සංස්‌කරණය නොකළ වීඩියෝ දර්ශන ලබාදෙන නියෝගයක්‌ නිකුත් කරන්නැයි කොළඹ අපරාධ කොට්‌ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර ගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම දර්ශන ලබාදෙන ලෙසට විද්යුත් මාධ්‍ය ආයතන හයකට නියෝග කළේය.

අදාල සැක කරුවන් නිශ්චිතවම හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කොට ඇතැයි කොළඹ අපරාධ කොට්‌ඨාසය සඳුදා (24 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර වෙත දැනුම් දුන්නේය.

Related posts

Comments are closed.

Top