නැදුන්ගමුවේ රාජා සහ වාසනා මෙවර “දළදාව වඩම්ම්න්නේ නෑ”

නැදුම්ගමුවේ රාජා

නැදුම්ගමුවේ රාජා

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ පෙරහැර කරඬුව වැඩම කරවීමට සුදුසුකම් ලැබ සිටි නැදුන්ගමුවේ රාජා සහ වාසනා ඇතු මෙවර සහභාගි නොවන බව දළදා මාලිගාව දැනුම් දෙයි.

නැදුන්ගමුවේ ඇත් රජු තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන අතර වාසනා ඇතු මේ වන විට කතරගම මහ දේවාලයේ පෙරහැරට සහභාගි වී සිටියි.

එනමුත් පෙරහැර කරඩුව වැඩම කරවීම සදහා සුදුසුකම් සහිත ඇතුන් පස් දෙනකු මේ වන විට ශ්‍රී දළදා මාලිගාව සතු යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කරයි.

 

වාසනා

වාසනා

ඉන්දිරාජා ඇත් රජු ප්‍රධානව සිංහරාජා, බුරුමරාජා,මියන්රාජා, මිල්ලන්ගොඩ පොඩි ඇතු යන ඇතුන් පස් දෙනා පෙරහැර කරඩුව වැඩම කරවීම සදහා මෙවර සූදානම් කර ඇතැයි ද දියවඩන නිලමේවරයා සදහන් කරයි.

එමෙන්ම මියන්මාරය මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇත් පැටවෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගෝස්තු මස 5 වන දින ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රදානය කරන බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වැඩි දුරටත් පවසයි.

Related posts

Comments are closed.

Top