එල්. ටී. ටී. ඊ සංවිධානය ඇතිවීමට මුල්වූ කරුණු යලිත් සිදුවෙනවා -පොලිස්පති

එල්. ටී. ටී. ඊ සංවිධානය ආරම්භවීමට මුල්වූ සිදුවීම් නැවත සිදුවීමට පටන්ගෙන ඇතැයි පොලිස්පති පුජිත ජයසුන්දර පවසයි.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ යාපනයේ සිදු කළ සංචාරයේදී ආගමික නායකයන් සහ සිවිල් සංවිධානවල් පිරිසක් අතර පැවැත්වුණු සාකච්ඡාවකදීයි.

” පොලිස් නිලධාරීන්ට පහර දීම වෙඩි තැබීම වැනි සිද්ධීන් දෙකක් ඇතිවී තිබෙනවා . එවැනි ආකාරයට තමයි එල්. ටී. ටී. ඊ සංවිධානය ආරම්භක අවදියේ තිබුනේ. අපිට මේවාට ඉඩ දෙන්න බැහැ. ඒ වුනාට පොලසි නිලධාරීන්ට ප්‍රහාර එල්ල කළ කියලා අපිට නිකරුනේ මිනිසුන්ට කරදර කරන්න , අත්අඩංගුවට ගන්න , සුදුවෑන් ගෙනල්ල පැහැර ගන්න බැහැ. අපි නීතිය අනුව ක්‍රියා කළ යුතුයි.” පොලිස්පතිවරයා පැවසීය.

පසුගියදා යාපනය ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීම සහ පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් පුනුරුත්තාපනය නොවූ එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් බව ප්‍රකාශ කළ පොලිස්පතිවරයා සාමය ආරක්ෂා කිරීමට ජනතාවගේ සහයෝගයද පොලිසිය වෙත ලැබිය යුතු බව පෙන්වා දුන්නේය.

එසේම උතුරේ ජනතාවගේ ආරක්ෂාව සදහා වැඩපිළිවෙලක් සකස්කරන බවටද හෙතෙම අවධාරණය කළේය.

යාපනයේ ආරක්ෂාවට එස් ටී.එෆ්

යාපනය ප්‍රදේශයට පුර්ණ ආරක්‌ෂාවක්‌ සැලසීම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත භාරදී ඇති අතර ඒ අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ දහසකට අධික නිලධාරීන් පිරිසකගෙන් සමන්විත බලඇණියක්‌ උතුරු අර්ධද්වීපයට ආරක්‌ෂාව සැලසීමේ කාර්ය සඳහා එහි ගොස්‌ සිටිති.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායම් යාපනය අර්ධද්වීපය පුරා ජංගම සංචාර, යතුරුපැදි සංචාර, මාර්ග බාධක යොදවා පරීක්‌ෂා කිරීම් මෙන්ම පාමුර සංචාරවල ද නිරත වෙමින් ආරක්‌ෂාව සැපයීමේ කාර්යට එක්‌ව සිටිති. විශේෂයෙන් රාත්‍රී කාලයේදී මෙම මෙහෙයුම් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Related posts

Comments are closed.

Top