තිරිමාන්නට යලි කැඳවුම් -චන්දිමාල් නායකත්වයේ වගකීමට

ඉන්දියාව සමග බ්‍රහස්පතින්දා (03 දා) කොළඹ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගය සඳහා වසරකට පසුව වමත් පිතිකරු ළහිරු තිරිමාන්න නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීම් ලැබී ඇති අතර නිත්‍ය ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් ද සංචිතයට එක්කර සිටි.

චන්දිමාල් පසුගියදා උණ රෝගයකින් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් අතර අනතුරුව ඔහුගේ ශරීර සෞඛ්‍ය මැන බැලීමෙන් පසුව කණ්‌ඩායමට එක්‌කර ඇත. ශ්‍රී ලංකා පිතිකරු අංශයේ අත්දැකීම් සපිරිම පිතිකරුවා වන චන්දිමාල්ගේ ටෙස්‌ට්‌ ඉනිමක සාමාන්‍ය 42.09 ක්‌ ලෙස සටහන් වේ.

අසේල ගුණරත්නගේ ආබාධ තත්ත්වය හේතුවෙන් තිරිමාන්නව මෙසේ කණ්‌ඩායමට එක්‌කොට ඇත. තිරිමාන්න අවසන් වරට ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වී ඇත්තේ ඉකුත් වසරේ ජුනි මාසයේදී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්‌ පිටියේදීය.

මීට අමතරව චයිනමන් පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන්වද දෙවැනි ටෙස්‌ට්‌ තරගය සඳහා නම් කර තිබේ.

දෙවැනි ටෙස්‌ට්‌ තරගය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංයුතිය

දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්‌වැල්ල, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්‌ෂාන් සඳකැන්, ළහිරු තිරිමාන්න

Related posts

Comments are closed.

Top