ප්‍රබල භුමි කම්පාවකින් චීනයේ 13 ක් මරුට

 

නිරිතදිග චීනයේ සිචුවාන් පළාතට බලපෑ ප්‍රබල භුමි කම්පාවක් නිසා අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනකු මියගොස් තිබේ.

විශාල පිරිසක් තුවාල ලබා ඇත.

රිච්ටර් මාපක 7.0 ක් බලවත් භුමි කම්පාවෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අඩු ජනගහණයක් වෙසෙන සිචුවාන් ප්‍රදේශයට බව ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා කාර්යාංශය පවසයි.

කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව ඉහල යා හැකි බවට චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

8 අඟහරුවාදා එරට වේලාවෙන් රාත්‍රි  9 ට පමණ  ප්‍රාදේශීය අගනුවරක් වන චෙන්දු සිට කිලෝ මීටර 300 උතුරට සහ කිලෝමීටර 10ක් ගැඹුරට වන්නට භුමි කම්පාව හටගෙන ඇත. සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයකට ආසන්නයේ එහි අපිකේන්ද්‍රය පිහිටා තිබේ.

“තුවාල ලැබූ පුද්ගලයන්ට ප්‍රතිකාර කටයුතු සහ සහන කටයුතු කඩිනම් සිදු කිරීමට හැකි හැම උත්සාහයක්ම දරන,” ලෙස එරට ජනපති ෂි ජින් පින් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. භූ කම්පා සිදු වූ ප්‍රදේශ ආසන්නයේ හදිසි ආපදා කටයුතු නිලධාරීන් සහ හමුදා නිලධාරීන් අනුයුක්ත කර ඇත.

සිචුවාන් යනු භූ කම්පන වලට නිතර මුහුණ දෙන ප්‍රදේශයකි. 2008 වසරේදී හටගත් අනතුරින් පුද්ගලයන් 70,000 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් විය.

Related posts

Comments are closed.

Top