නේපාලයේ අමානුෂික ඔසප් සමයේ තහංචියට නීතියෙන් තිත

 

නේපාල කාන්තාවන්ට සිය ඔසප් සමයේදී නිවසින් පිටත ගතකිරීමට බලකෙරෙන අමානුෂික සිරිතක්, සාපරාධි ක්‍රියාවක් ලෙසට සැලකෙන නීතියක් එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.

එකී නීතිය අනුව චාරිත්‍රය ඉටු කිරීමට බල කරන ඕනෑම පුද්ගලයෙක්ට තෙමසක සිර දඬුවමක් සහ ඇමරිකානු ඩොලර් 30 ක දඩ මුදලක් ගෙවීමට සිදු වනු ඇත.

“චෞපදී” ලෙසට නම් කර ඇති සිරිත වැඩි වශයෙන් කතා බහට ලක් වීමට පටන් ගත්තේ ගව මඩුවක රාත්‍රිය ගත කිරීමට බල කෙරුනු ස්ත්‍රීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව වීමෙන් අනතුරුවය.

සම්මත කරගත් නීතියට ගැටලුව නියමාකාරයෙන් විසඳීමට හැකි වේවිදැයි මානව හිමිකම් ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති.

පුරාණ හින්දු සිරිතට අනුව, ආර්තව සමය එළැඹ ඇති කාන්තාවක් හෝ දරුවකුට උපත දුන් කාන්තාවක් සලකනු ලබන්නේ කිලි සහිත හෝ අවාසනාව ගෙන එන්නියක් හෝ ලෙසටය.

ඔවුන්ට නිවසින් පිට කුටියක හෝ ගව මඩුවක නිදා ගැනීමට බල කිරීමද සිදු විය හැකිය.

ගවයන් හෝ පුරුෂයන් ස්පර්ශ කිරීම ඔවුන්ට තහනම් වේ. සමහර ආහාර වර්ග අනුභව කිරීම ද නිවසේ වැසිකිලි පහසුකම් සහ සේදීමේ කටයුතු සිදු කිරීමට ද තහනම් කළ හැකිය. ගම්මානවලින් පිටවී සිටීමට ද ඔවුන්ට බල කරනු ලැබේ.

මෙම කිලි සිරිත නිසා  සිසිරයේදී අධික සීතලට ගොදුරු වීමත් තරුණ දැරිවියන්ට පාසල් යෑම තහනම් වීමත් සිදු වේ.

එසේ නිවසින් පිටත කුටියක රාත්‍රිය ගත කළ යොවුන් දැරියක් පසුගිය මාසයේදී ජීවිතක්ෂයට පත් වුයේ සර්පයකුගේ දෂ්ට කිරීමක් නිසාය.

තමා නිදාගත් මඩුව තුළ ගිනි මැලයක් දැල්වූ පසු ආශ්වාස කිරීමට නොහැකිව වයස අවුරුදු 15 ක දැරියක් 2016 දෙසැම්බර් මස මිය ගියාය.

2010 නේපාලයේ කළ සමීක්ෂණයකට අනුව ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මානව හිමිකම් අංශය එළි දැක්වූ වර්තාවක සඳහන් වන්නේ වයස අවුරුදු 15 ත් 49 ත් අතර පසුවන එරට කාන්තාවන්ගෙන් 19% චෞපදී චාරිත්‍රයට මුහුණ දී ඇති බවයි.

Related posts

Comments are closed.

Top