චීනයේ මාරාන්තික බස් අනතුරකින් 36 ක් මරුට

 

චීනයේ අධිවේගී උමං මාර්ගයක ගමන් කරමින් තිබු මගීන් රැගත් බස් රථයක්  තාප්පයක ගැටීම නිසා අවම වශයෙන් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

13 දෙනකු තුවාල ලබා ඇතැයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

චෙන්ග්දු නුවරින් පිටත්ව ලූයැන්ග් වෙත ගමන් කරමින් තිබු රථය,  ෂැන්ක්සි පළාතේදී ගැටීමට ලක්ව ඇත්තේ 10 බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියට පෙර ය.

මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර තුවාල ලැබුවන් රෝහල් කරා යොමු කර තිබේ.

අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

චීනය තුළ මාරාන්තික රිය අනතුරු සුලබ සිදුවීමකි.

චීන ජනගහණයෙන් මිලියනයකින් හතරෙන් එකක් මාර්ග අනතුරු නිසා මිය යන බව 2013 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තක්සේරු කර තිබේ.

Related posts

Comments are closed.

Top