අභියෝග ජය ගෙන පිරිසිදු දේශපාලන සංස්කෘතිය ගොඩ නඟනවා – ජනපති

නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

විවේචන සහ චෝදන කොතෙක් එල්ල වුවද කිසිදු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් වත්මන් රජය ඉතා කෙටි කළක් තුළ රටට මෙන්ම ජනතාව වෙනුවෙන් ඉටුකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය වෙනුවෙන් 12 වැනි සෙනසුරාදා තලාව ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙතෙක් කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු කැළිකසළ ගැටලුවට යළිත් මේ රටේ බලයට පැමිණෙන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන ආකාරයෙන් ස්ථිරසාර විසඳුමක් වත්මන් රජය යටතේ ලබන වසර වන විට ක්‍රීයාත්මක වන බවයි ජනාධිපති සිරිසේන පවසන්නේ.

ඉතිහාසයේ ප‍්‍රථම වරට කැළි කසළවලින් විදුලිය උත්පාදනය කිරීමේ සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ කටයුතු ද ආරම්භ කෙරෙන බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Related posts

Comments are closed.

Top