යහපාලනයට දේශපාලන සිරකරුවන් ගැන “පොරොන්දු අමතකයි” | VIDEO

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ පසුවන පිරිස් නිදහස් කරන ලෙසට සහ අතුරුදහන් වුවන් සොයා දෙන ලෙස බල කරමින් එම පවුල් වල උදවිය විරෝධතාවක් පවත්වා තිබේ.

දෙමළ ජනතාවගේ ජිවිත විනාශ නොකරන ලෙස බල කරමින් අතුරුදහන් වුවන්ගේ ඥාතින් විසින් 15 අඟහරුවාද වාලච්චේන ප්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතිවය පවත්වා ඇත.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සහ අතුරුදහන් වුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාව රජයට බල කර යුතු බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

දෙමළ ජනයාගේ ඡන්දයෙන් බලයට පත් වු යහපාලන රජය එම ජනතාව පිලිබඳව සංවේදී නොවන බවටයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ එස්. සුරේෂ් චෝදනා කරන්නේ.

කොන්දේසි විරහිතව දේහපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බව පවසන ඔහු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට හා අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කරන බවට වු පොරොන්දු යහපාලන රජයට අමතක වී ඇති බව වැඩි දුරටත් පැවසීය.

Related posts

Comments are closed.

Top