මියන්මාරයේ ප්‍රහාර මාලාවකින් ආරක්ෂක භට පිරිසක් මරුට

 

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ පොලිස් මුරපොලකට එල්ල වූ  ප්‍රහාරයකින් ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 32 ඝාතනය වී තිබේ.

මුස්ලිම් සටන්කාමීන් විසින් අලුයමට පෙර සිදු කළ ආක්‍රමණය සඳහා පොලිස් ස්ථාන 20 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක වී තිබුනු බව එරට රජය පවසයි.

බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර නිරතුරුවම ගැටුම් හට ගන්නා රඛයින් ප්‍රාන්තයට මාස ගණනාවකින් එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව  ඔවුහු වැඩිදුරටත්  පවසති .

බටහිර මියන්මාරයේ පිහිටි මෙම ප්‍රදේශය මිලියනයක් පමණ රෝහින්ග්‍යාවාසීන්ට නවාතැන් සපයයි. ඔවුන් හා බහුතර බෞද්ධ ජනගහනය අතර හටගත් භේද නිසා රඛයින් ප්‍රදේශය තුල වසර ගණනාවක සිට ගැටුම් ඇතිවේ.

වාර්ගික ප්‍රචණ්ඩතා 

එසේම  වාර්ගික හිංසාවෙන් ගැලවීමට දස දහස් ගණනක් රෝහින්ග්‍යා වාසීන් බංග්ලාදේශයට පලා ගොස් තිබේ.

“අන්තවාදී බෙන්ගාලි කැරලිකරුවන් විසින් නිපදවූ බෝම්බයකින් උතුරු රඛයින් මුන්ග්දෝ පොලිස් මුරපොලක් වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති අතර උප පොලිස් මුරපොළවල් වෙත ද පෙරවරු 1 ට ප්‍රහාර එල්ල කර තිබේ,”යනුවෙන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පුරවැසිභාවය අහිමි මියන්මාර දේශවාසී රෝන්හින්ග්‍යා වරුන්  හඳුන්වා දීමට “බෙන්ගාලි” යන වචනය රජය විසින් භාවිත කර ඇත්තේ එමඟින් ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන් ලෙසට හුවා දැක්වීමටයි.

Related posts

Comments are closed.

Top