දේශසීමා අර්බුද අවසන් කිරීමට චීන, ඉන්දීය එකඟතාවය

 

මාස දෙකක කාලයක පටන් චීන ඉන්දීය දේශ සීමා ප්‍රදේශයක් අතර පැවති මතබෙදකාරී වාතාවරණය අවසන් කරමින් සිය හමුදා ඉවත් කරගැනීමට දෙපිරිස එකඟතාවය පල කර තිබේ.

රටවල් දෙක අතර ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව සිය භට පිරිස් ඩොක්ලම් දේශ සිමා ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා බව ඉන්දීය විදෙස් අමාත්‍යංශය 28 සඳුදා තහවුරු කර ඇත.

ඉන්දීයාව ඔවුන්ගේ හමුදා ඉවත් කරගන්නා අතර “තම ස්වාධිපත්‍ය හිමිකම් පෙර සේම පවත්වාගෙන යාමට” කටයුතු කරන බව චීන රජය පවසා ඇත.

සානුවක් ආශ්‍රිතව පිහිටි මාර්ගයක්  පුළුල් කරගැනීමට චීනය දැරූ උත්සාහයක් ව්‍යක්ත කර දැමු බව ඉන්දීයාව පැවසීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හට ගත්තේ පසුගිය ජුනි මාසයේදීය.

අර්බුදයට තුඩුදුන් ප්‍රදේශය ඉන්දියාව තුල ඩොක්ලම් ලෙසත් චීනය තුල ඩොන්ග්ලන්ග් ලෙසත් හඳුන්වනු ලැබේ.

මෙම තීරණය පිළිබඳ වාර්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරයට සතියක පමණ කාලයක් තිබිය දී ය.

ඔහු බ්‍රසීලය, රුසියාව,ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් සහභාගිත්වයෙන් පැවැත්වෙන BRICS සමුළුව සඳහා ලබන මස දී චීනය වෙත පිටත් වීමට නියමිතය.

Related posts

Comments are closed.

Top