කුසල්ගෙන් රාජපක්ෂගේ සිංහල සෙල්ෆිය 

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා දේශපාලන විචාරක කුසල් පෙරේරා විසින් රචිත “රාජපක්ෂ: ද සිංහල සෙල්ෆි”කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 12 දා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රටේ ජනප්‍රියම සිංහල නායකයා ලෙස දකුණේ තහවුරුවුයේ කෙසේද යන්න පිළිබදව මෙම කෘතියේ අන්තර්ගත බව කුසල් පෙරේරා පවසයි.

සිංහල දෙමළ ගැටුම සන්නද්ධ ගැටුමක් දක්වා වර්ධනය වු ආකාරය පිළිබදවද මෙම කෘතියේ කතා කෙරෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ හා කලක් සමීප ඇසුරක් පැවැත්වූ තමන්ගේ දශක තුනකට අධික කාලය තුල දේශපාලන චාරිකාවද ‘සිංහල සෙල්ෆි’ යේ දැක්වෙන බව කුසල් කියයි.

“83 දරුවෝ” කුසල්ගේ අමුතු කියවීම, කුසල් පෙරේරාගේ ලිපි එකතුවක් මගින් ක්‍රිෂාන් සිරිවර්ධන විසින් සංස්කරණය කරන ලද කෘතියක්ද එදිනම එළි දැක්වීමට නියමිතව තිබේ.

Related posts

Comments are closed.

Top