ව්‍යවස්ථා විරෝධීව පිහිටවූ අතුරුදහන් කාර්යාලය අතුරුදහන් වනු ඇතැයි බියක්| VIDEO

අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට කාර්යාල‍යක් පිහිටුවීම සම්බන්ධයෙන් සතුට පල කරන සිවිල් සමාජ නායකයෙක් එය ව්‍යවස්ථා විරෝධී ලෙසින් ස්ථාපිත කිරිම හේතුවෙන් ගිලිහි යනු ඇති බවට අනතුරු අඟවයි.

සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක වන අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වෙනුවෙන් වෙනම අමාත්‍යවරයකු පත් නොකර ජනාධිපතිවරයා යටතේ තබා ගැනීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව දේශීය හා ජාත්‍යන්තර නීතිවේදීන් විසින් පෙන්වා දී ඇත

කාර්යලය ස්ථාපිත කර හරියාකාරව කටයුතු සිදු වන විට යමෙක් එයට විරුද්ධව අධිකරණය මෙහෙයවා එම කාර්යාලය විසුරුවා හැරීමේ අවදානමක් ඇතැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු බිය පල කරයි.

OMP කාර්යාලය පිහිටුවීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන ආචාර්ය සරවනමුත්තු එය ව්‍යවස්ථානකුලව ස්ථාපිත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

ගණන් ගත්තේ නෑ

අතුරුදහන් කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතට පත් කළ අවස්ථාවේදීම 19 වැනි ව්‍යවස්ථාවට අනුව එය ව්‍යවස්ථා විරෝධී බව දැනුම් දුන්නද ඒ පිළිබඳව තැකීමක් නොකළ බව පාක්‍යසෝති සරවනමුත්තු ගගන වෙත විශේෂ ප්‍රකාශයක් දෙමින් කියා සිටියේය.

OMP කාර්යාලය කිසිඳු හානියකින් පිළිබඳ කාර්යාලය (OMP) තොරව සංහිඳියාව ඇති කිරිමට යහපත් පියවරක් වනු ඇති බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු
අක්වන අදහස අනුමත කරන අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපතිවරයා මෙය කාලාන්තරයක් තිස්සේ පීඩිත ඥාතින් ගේ බලාපොරොත්තුවක් වූ බව සිහිපත් කර දෙයි.

කෙසේ වෙතත්, අවුරුද්දකට පෙර නීතිගත කරන ලද OMP කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ජිනීවා නුවර රැස් වන තුරු බලා සිටින්නට සිදුවීම ගැන සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු කනගාටුව පළ කළේය.

ජනාධිපතිවරයා OMP කාර්යාලය පිහිටුවීමේ ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ එය ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයා ජිනීවා නුවරදී ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි දාය.

Related posts

Comments are closed.

Top