“බලය බෙදන්නම ඕනේ” භික්ෂුන් වහන්සේ මුල්වී සත්‍යග්‍රහයක් | VIDEO

ශ්‍රී ලංකාවේ බලය බෙදීමට ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේ දක්වන විරෝධය දෝෂ දර්ශනයට ලක් කරන නාහිමි නමක් එම මතවාදයට අභියෝග කරන සත්‍යග්‍රහයකට කොළඹදී නායකත්වය ලබා දුන්හ.

ජාතීන් අතර සමගිය සඳහා විවිධ ආණ්ඩු ගෙනා යෝජනා භික්ෂු කණ්ඩායම් විසින් පසුබස්වන ලද බව සිහිපත් කර දුන් සත්කෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර නාහිමියන් විමසා සිටියේ “මොකක්ද හාමුදුරුවරුන්ගේ තියෙන දයාව කරුණාව,” යනුවෙනි.

උන්වහන්සේ මාධ්‍ය අමතා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් පොලිස් හා ඉඩම් බලතල පළාත් සභා වලට හිමිකර දෙන බලය බෙදීමක් සහිත අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් “සමානාත්මතාවය සදහා වු පුරවැසි ක්‍රියාකාරී කමිටුව” විසින් 20 බදාදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වු සත්‍යග්‍රහයට සහභාගි වෙමිනි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට හරස්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේග වලට එරෙහි බහුජන ව්‍යාපාරයක් ගොඩ නගා අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා බලයක් ගොඩනැගීම අරමුණු කොටගත් දීප ව්‍යාප්ත ජනතා ව්‍යාපාරයකට මෙම සත්‍යග්‍රහය සමගින් මුල පුරන බව නව සමසමාජ නායක වික්‍රමබාහු කරුණාරත්න එහිදී කියා සිටියේය.

Related posts

Comments are closed.

Top