කාන්තා රිය පැදවීමට එරෙහි සවුදි තහංචිය ඉවතට

 

කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට සවුදි අරාබිය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය පලවී තිබේ.

ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සඳහන් කර ඇත්තේ සවුදියේ සල්මන් රජුගේ තීන්දුව නිවැරදි දිසාවට තැබූ වැදගත් පියවරක් බවයි.

කාන්තාවන් උදෙසා ලබාදුන් මෙම අයිතිය මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ද පැසසුමට ලක්ව තිබේ.

ඔවුන් එය හඳුන්වාදී ඇත්තේ “විශාල ජයග්‍රහණයක්” ලෙසිනි.

කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිවාසිකම හිමිකරගැනීම උදෙසා මානව හිමිකම් සංවිධාන වසර ගණනාවක සිට ව්‍යාපාර මෙහෙයවා තිබුණි. වාරණය කඩ කිරීමේ වරදට හසුවූ සමහර කාන්තාවන්ට සිර දඬුවම් පවා නියම විය.

කෙසේ වෙතත් රජුගේ නියෝගය පරිදි කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම 2018 ජුනි වන විට ආරම්භ කෙරෙනු ඇතැයි සෞදි ප්‍රෙස් ඒජන්සි පුවත් සේවය වාර්තා කර තිබුණි. එසේම මෙම කටයුත්ත සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද ඉදිරි මාසය තුල ස්ථාපිත කෙරෙනු ඇත.

තව ද රියදුරු පාඩම් ලබා ගැනීමට පුරුෂ අවසරය ලබා නොගත යුතු බවත් තමන් කැමති ඕනෑම ස්ථානයකට රිය ධාවනය කිරීමට එමඟින් හැකි බවත් සෞදියේ ඇමරිකානු තානාපති කලිඩ් බින් සල්මන් කුමරු තහවුරු කර තිබේ.

රිය පැදවීම නිසා සිර දඬුවම්ද විඳි කාන්තාවන්ට රිය පැදවීම (Women2Drive)  සංවිධානයේ සංවිධායිකා ට්විටර් මාධ්‍ය ජාලයේ පල කළ පණිවිඩයකින් සිය සතුට පල කර තිබුනේ “වැස්ස පටන්ගන්නේ වැහි බින්දුවකිනි” යනුවෙනි.

කාන්තාවන්ට ඇති තවත් තහංචි

කාන්තාවන්ට රිය පැදවීම මෙතෙක් තහනම් වී තිබූ ලොව එකම රට මෙය වන අතර ඇඳුම් පැළඳුම් මෙන්ම ලිංග භේදය සම්බන්ධයෙන් ද දැඩි නීති රීති තවමත් එහි ක්‍රියාත්මක වෙමින් පවතී.

සෞදි අරාබියේ ඉස්ලාමිය නිතිය පිළිබඳ අර්ථ නිරුපනය අනුව කාන්තාවකට පිටරට සංචාරය, ගුවන් බලපත්‍රයක් ලබා ගැනීම, විවාහ වීම හෝ පිරිමි ඥාතියකුගේ අනුදැනුමකින් තොරව සිරගෙදරින් පිටව යාම පුරුෂ භාරකාර විධික්‍රමය යටතේ අවහිර කොට ඇත.

නිවසක් කුලියට ගැනීම, රථයක් මිලට ගැනීම, වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම, බැංකු ගිණුමක් විවෘත කිරීම හෝ රැකියාවක් ලබා ගැනීම යන ක්‍රියාවන් ද එම අවහිරයට ඇතුලත් වේ.

සවුදි රාජධානියේ ආරම්භය, එනම් 1932 පටන් කිසිදු කාන්තාවක් රජයේ ඉහල තනතුරක් හෝ අමාත්‍යංශ වගකීමක් දරා නැත. කාන්තාවකට ඡන්ද අවසරය හිමි වුව ද පරමාධිපත්‍ය බලය රඳා පවතින්නේ ඔටුන්න මතය.

පවුල සඳහා වෙනම අංශයක් වෙන් කර නොමැති නම් කාන්තාවන්ට ක්‍රීඩා තරගවලට සහභාගිවීමට හෝ අවන්හලකට යාමට අවසර හිමි නොවේ.

පොදු ස්ථානවලදී අබායා නමින් හැඳින්වෙන දිගු සහ ලිහිල් ඇඳුමක් ඇඳගෙන සිටීම කාන්තාවන්ට අනිවාර්ය කරුණකි. බොහොමයක් දෙනා ඔවුන්ගේ හිසකෙස් සහ මුහුණ ද කළු පැහැති වේලයකින් ආවරණය කරගනු ලැබේ.

කාන්තාවක් සිය ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වුවහොත් දරුවන්ගේ පියාගේ අවසරයකින් තොරව ඇයට සිය දරුවන් සමඟ පිටරටකට යාමට නොහැකිය. ඒ ළමුන්ගේ නිත්‍යානුකුල භාරකාරයා ඔවුන්ගේ පියා වන බැවිනි. සිය දියණියට විවාහ වීම සඳහා අනුමැතිය ලබා දීමටත් මවට නොහැකිය.

Related posts

Comments are closed.

Top