දළදාවේ කෝටි ගණනේ අලි වංචා චෝදනා ගැන “ජනාධිපති කොමිසමක්  ඕනෑ” | VIDEO

2007 දී

 

පසුගිය පාලනය සමයේ විදේශයකින් දළදා මාලිගයට තෑගි ලැබුනු ඇතුන් දෙදෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දී කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවට හෙළිවී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට කොමිසමක් පත් කරන ලෙස හිටපු බස්නායක නිලමේ වරයකු ප්‍රමුඛ බෞද්ධ සංවිධානයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට 2007 දී  මියන්මාර් රජයෙන් පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනකු වෙනුවෙන් කෝටි විසිහයහමාරකට අධික මුදලක් වැය කරමින් වංචාවක් සිදු කර ඇති බව හෙළිකරමින් විමර්ශන කමිටුවක් විසින් දී ඇති වාර්තාවක්  වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් පාර්ලිමේන්තුවට යොමු කොට ඇත.

විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් කෝටි එකහමාරත් අතර මිලකට අලියකු මිලදී ගැනීමට හැකියාව ඇති බව වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මෙම වංචාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාට 2015 දී කරන ලද පැමිණිල්ලක් අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමල් දිසානායකගේ සභාපතිත්වයෙන් විමර්ශනය පවත්වා තිබුනි.

මියන්මාර් රජයෙන් පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා යොදා ගනිමින් මහා පරිමාන දූෂණයක් සිදු කර ඇති බවට “සුරකිමු සිරිදළදා” ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

“ව්‍යාජ ඉන්වොයිස්”

නොමිළේ ලැබුනු සතුන් වෙනුවෙන්  ලක්ෂ දෙදහස් හයසිය පහළොවකට අධික මුදලක් වැය වූ බව සඳහන් ලදුපත් “ව්‍යාජ ඉන්වොයිස්” බව “සුරකිමු සිරිදළදා” ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු බස්නායක නිලමේ රසික සුදන්ත සේනානායක 26 බ්‍රහස්පතින්දා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

එවැනි මුදලක් අයවීමට නොමැති බව මියන්මාරයේ තානාපති නිව්ටන් ගුණරත්න තමන් හා ප්‍රකාශ කළ බව කී ඔහු මේ පිළිබඳව සොයා බැලිමේදී මෙරටින් මුදල් පිට කර ඇති බවත්, එම වංචාවට පසුගිය රාජපක්ෂ රජයේ ප්‍රධාන නිලධාරියකුත් මෙයට සම්බන්ධ බවත් කියා සිටියේය.

ව්‍යාජ රිසිට් පත් කරමින් වංචාවක් කර ඇති බවට විනිසුරු විමල් දිසානායක කමිටුව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව පවසන සුරකිමු සිරිදළදා සභාපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති පොලිසිය, රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු වෙනත් ආයතන විසින් තවදුරටත් විමර්ශන පවත්වා චෝදනාවට අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කරන ලෙස ඉල්ලා ඇතැයි කියා සිටියේය.

මෙම වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු බවට “සුරකිමු සිරිදළදා” සංවිධානයේ චෝදනා ලබන දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ශ්‍රී ලංකාවේ පලකරන ජනමාධ්‍ය වෙත ඔස්ට්‍රේලියාවේ සිට පවසා තිබුනේ ලියැවිලි වල සඳහන් වන්නේ  කයි මොන් ටොන් සහ මුවෙතෙකා නම්  අලි දෙන්නාගේ වටිනාකම විනා ඒ වෙනුවෙන් වැයවූ මුදල නොවන බවයි.

2017 දී

මාලිගාවේ ඉඩම් විකිණීම

දියවඩන නිලමේවරයා අයවැය නිසියාකාර ඉදිරිපත් කර නැති බවත්, මාලිගාව සතු පරවේණි ඉඩම් විකුණා ඇති බවටත් චෝදනා කරන හිටපු බස්නායක නිලමේ වරයා ඒ සම්බන්ධයෙන් සත්‍යය හෙළි කර ගැනීම සඳහා රාජපක්ෂ පාලනයේ ආරම්භයේ සිට මාලිගාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා සිටී.

“මේ නතතුරේ වගකිම නිසි ලෙස ඉටු නොකර කටයුතු කරන නිලමේ වරයාගේ තනතුර තහනම් කර සුදුසු  අයෙක් ඒ කටයුතු අවසන් කරන තෙක් පත්කර මේ පරීක්ෂණ නිසි ලෙස සිදුකරන්න කියා අප ඡනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිනවා,” යි “සුරකිමු සිරිදළදා” ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු බස්නායක නිලමේ සුදන්ත සේනානායක වැඩිදුරටත් කියා සිටියේය.

මියන්මාර අලි දෙන්නා වෙනුවෙන් “ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලින් රුපියලක්වත් වැය කර නොමැති” බව පවසන දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පවසන්නේ ඕනෑම පරෙක්ෂනයකට මුහුණ දීමට තමන් සුදානම් බවයි.

දුෂණ වංචා චෝදනා එල්ලවී ඇති ඇතුන් දෙදෙනාගේ ගනුදෙනුවෙන් දස වසරකට පසු  වර්තමාන පාලන සමයේද පාන් ශ්වේ මොන් නම් තවත් දල ඇතකු මියන්මාර රජය ශ්‍රී ලංකාවට තෑගී කර තිබේ.

Related posts

Comments are closed.

Top