ආණ්ඩුවෙන් අයින් වෙන්න: මහින්ද පිල ශ්‍රීලනිපට කියයි

එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන සම්මුතිවාදි ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට සුදානම් බව ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු ලිපියක් යොමු කරමින් කොන්දේසි හතක් යටතේ ශ්‍රීලනිපයට සහාය දැක්වීමට සුදානම් බව ඒකාබද්ධ විපක්ෂය දන්වා ඇත.

පක්ෂ මහලේකම්වරයා මන්ත්‍රීවරුන්ට ලිපිය ලියා ඇත්තේ හෙට (3) පැවැත්වෙන සාකච්ඡාවකට පැමිණෙන ලෙස ආරාධනය කරමිනි.

පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අත් හිටුවීම ඇතුළු තම කොන්දේසි හතම ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බව පවසන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කොන්දේසි වලට එකඟවනු ඇති බවට දැඩිව විශ්වාසය පල කරයි.

Related posts

Comments are closed.

Top