ජගත් මහලේකම් හා චන්ද්‍රිකා අතර නිව්යෝක් හමුවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව ජගත් මානව හිමිකම් කොමිසම විසින් ජිනීවා නුවරදී විමර්ශනය කිරීමට නියමිතව තිබියදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවී තිබේ.

ජාතික සමගිය සහ සංහිදියා කාර්යාලයේ සභාපතිනියද වන ඇය රජය සහ සිය කාර්යාලය සංහිඳියාව සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් දැනුවත් කළ බව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

අතුරුදහන් වූවන් වෙනුවෙන් පිහිටුවන ලද කාර්යාලය (OMP) වෙනුවෙන් කොමසාරිස්වරුන් ඇතුළු ස්වාධීන කාර්ය මණ්ඩලයක් පත්කොට කඩිනමින් වැඩ කටයුතු ආරම්භ කරන මෙන් ජගත් මහ ලේකම් වරයා මීට ඉහතදී රජයෙන් ඉල්ලා තිබුනි.

එක්සත් ජනපදයේ සංචාරය නිම කර හිටපු ජනාධිපතිනිය මේ සතියේ පෙරලා පැමිනි පසු ඒ පිලිබඳ වැඩි විස්තර ප්‍රකාශයට පත්වනු ඇතැයි  ජාතික සමගිය සහ සංහිදියා කාර්යාලයේ ප්‍රකාශකයකු ගගන හා පැවසීය.

Related posts

Comments are closed.

Top