යාපනයේ මයිලඩ්ඩි වරාය අවට නැවත පදිංචි කරන ලද පවුල් සිය ගණනක් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් දශලක්ෂයක ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
නෝර්වේ රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා අධ්‍යකෂ යෝන් සොරෙන්සන් සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තුර්බ්යෝන් ගවුස්ටාසේතර් විසින් අත්සන් තබා තිබේ.
මෙම එක් අවුරුදු ව්‍යාපෘතිය මගින් මයිලඩ්ඩි වරාය ප්‍රදේශයේ පවුල් 550 කට ඍජු ප්‍රතිලාභීන් ලෙස තිරසර ජීවනෝපාය අවස්ථා නිර්මාණය වනු ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාර්මික ධාරිතාවද සවිමත් කෙරෙනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විශ්වාසය පල කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ යටත් කරගෙන සිටි අක්කර පනස් හතරක් ආපසු ඒවායේ හිමිකරුවන්ට පවරන ලද්දේ පසුගිය ජූලි මාසයේය.