කොළඹ ෂැන්ග්‍රි-ලා විවෘත වෙයි

ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රි-ලා හෝටල් සමූහයට අයත් 101 වැනි හෝටලය ලෙස කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16දා) උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.

වසර 30කට ආසන්න කාලයකට පසු කොළඹ නගරයේ ඉදිකළ ප්‍රමුඛතම සංචාරක හෝටලය මෙයයි.

විවෘත කෙරුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අති නවීන පහසුකම් සහිතව ඉදිකර තිබෙන අතර සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභොා්ගී කාමර 34ක් ඇතුළු කාමර 541කින් සමන්විතය.

ෂැන්ග්‍රි-ලා හෝටලය විවෘත කළ ඊයේ දිනයේ පළමු ගනුදෙනුකරුවන් ලෙස ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් ලියාපදිංචි වීම කැපී පෙනිණි.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ජෝන් අමරතුංග, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, කබිර් හෂීම්, ෆයිසර් මුස්තාපා, ෂැන්ග්‍රි-ලා ආසියාහි ප්‍රධාන විධායක නිලධාරි ලිම් බෙන් චී ෂැන්ග්‍රි-ලා ශ්‍රී ලංකා හෝටල් සමූහයේ අධ්‍යක්‍ෂ සජාඩ් මවුසුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරුණු අතර එහිදී ඉඩම් පැවරීම පිළිබඳව වූ ක්‍රියා පටිපාටිය වර්තමාන රජයේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

Related posts

Comments are closed.

Top