ගිංතොට මුස්ලිම් විරෝධී ප්‍රහාරයකින් පසු ඇඳිරි නීතිය

ගාල්ලේ ගිංතොට මුස්ලිම් දේවස්ථානයකට සහ නිවාස කීපයකට පහර දීමෙන් අනතුරුව ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.

ප්‍රහාරය සිදු කළ බවට සැක කෙරෙන හත් දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙන අතර විශේෂ කාර්ය සාධක බලකාය ඇතුළු 330ක පොලිස් බලමුළුවක්  යොදවා ඇති බව පොලිසිය පවසයි.

ගිංතොට, කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත හා පියදිගම ඇතුළු ග්‍රාම සේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසා තිබේ.

මහා මාර්ගයේ විශේෂ කාර්ය බලකාය මුරකාවල් යොදා තිබුනත් අවි ගත් පිරිස් අතුරු මාර්ග ඔස්සේ ගම් වලට කඩා වදින බව ප්‍රදේශවාසීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ.

රිය අනතුරක් සහ පාපන්දු තරගයකින් අනතුරුව ගැටුම හටගත් බව ප්‍රදේශවාසීහු පවසති.

තත්වය පාලනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

Related posts

Comments are closed.

Top