සිගරට් බදු ගැන බොරු පලකිරීමට දුම්කොල සමාගම් සල්ලි: රාජිත

දුම්වැටි බදු වැඩි කිරීමේ සත්‍යයක් නැති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි අසත්‍ය ප්‍රවෘත්ති පල කරන්නේ දුම්කොල සමාගම් වලින් මුදල් ලබා දීමෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා පවසයි.

දොස්තර රාජිත සේනාරත්න  මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී 28 අඟහරුවාදා  පස්වරුවේ පැවැති සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 900කට සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1146කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව පවසයි.

සිගරට් මිල වැඩි කිරිම හේතුවෙන් බීඩි භාවිතය වැඩි වී ඇති බවට ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි විසින්    අසත්‍ය ප්‍රකාශ පළ කරන අතර එවැනි සංඛ්‍යා ලේඛණ මෙතෙක් සොයාගෙන නැති  බවත් අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා ඇත.

ලිපියකට ලක්ෂ එකහමාරක් 

දුම්කොල සමාගම් විසින් එක ලිපියකට රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවා පලකර තිබෙන  එම ලිපිවල සංඛ්‍යාලේඛන අසත්‍ය යැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා එහිදී  පෙන්වා දී ඇත.

බෝනොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ වගාව වසර 2020 වනවිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවත් දුම්වැටි බදු 90% කින් වැඩි කිරීම සහ සිගරට් පැකට් තුල රූපමය අවවාද 80% ක් ඇතුලත් කිරීම රජය ගත් වැදගත් ක්‍රියාමාර්ගයක් බවත් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top