දළ පුට්ටුවා ගේ ඇත් මරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ප්‍රතිඥා

ගල්ගමුව “දළ පූට්ටුවා” ලෙස නම් කෙරුනු හස්තියාගේ බවට සැක කෙරෙන දළ දෙක නොමැති ඇත් සිරුරක් ගල්ගමුව වනගත ප්‍රදේශයකදී සොයාගෙන තිබේ.

ඇත් දළ ලබා ගැනීමේ අරමුණින් මරා දමන්නට ඇතැයි විශ්වාස කෙරෙන ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ සැරිසැරු “දළ පූට්ටුවා”  නැමැති ඇතාගේ ඝාතකයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය වරයා පවසයි.

පොලීසිය, වනජීවී ඇතුළුව විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම්  ඇතාගේ සිරුර කොටස් සොයා මෙහෙයුම් සිදු කළ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පැවසුවේ 29 බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

රටට විශාල සම්පතක් නැති වු බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ   ඇතාගේ ශරීර අවයව හමුවෙනතෙක්  පරීක්ෂණ සිදු කරන අතර එම ඝාතනය පිටුපස  බලවත් අය කවුරු වුවත් ඒ අයට විරුද්ධව කටයුතු කරන බවයි.

ඇතාගේ මරණය සම්බන්ධයෙන් අඳහස් දැක් වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සඳහන් කර ඇත්තේ මේ රටේ ජෛවවිවිධත්වයේ මහා උරුමයක් අපට අහිමි වූ බවයි.

ඇත් දළ සඳහා  “දළ පූට්ටුවා“  මරා දමන්නට ඇතැයි මුල් වරට තොරතුරු අනාවරණය වුයේ ඇත්දළ යුගලක් අලෙවි කිරීමට  සැරසුන පුද්ගලයන් දෙදෙනකු පසුගිය 23 දින පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුවයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී ඇත්අඩංගුවටගත් ඇත් දළ යුගලය “දළ පූට්ටුවා“ නැමැති ඇතාගේ බවට වනජීවී නිලධාරීහු  විශ්වාසය පල කරති.

නීති විරෝධී ඇත්දළ සම්භාරයක් ශ‍්‍රී ලංකාවේ දී මුල්ම වතාවට විනාශ කර දැමීටම රජය පසුගිය වසර ආරම්භයේදී කටයුතු කර තිබුණි.

 

 

Related posts

Comments are closed.

Top