අලුත් ව්‍යවස්ථාවෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තවත් තහවුරු කරන බවට පොරොන්දු

 

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැන ගැනීමේ අයිතිය තව දුරටත් තහවුරු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

වසරකුත් මාස තුනක කාලයක් තුළ ක්‍රියාත්මක තොරතුරු දැන ගැනීමේ පනත තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍ය  මංගල සමරවීර පවසන්නේ.

ඔහු ඒ බව සදහන් කළේ  බස්නාහිර පළාත් තොරතුරු නිලධාරීන්ගේ වැඩමුළුව අමතමින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

 

අරලියගහ මන්දිරයේ දී 11 සදුදා පැවැති එම වැඩමුලුවේදී අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ සිය අමාත්‍යාංශය  2017  – 2019තොරතුරු දැනගැනීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක කරමින් තොරතුරු දැන ගැනීම එදිනෙදා මහජන ජීවිතයේ කොටසක් බවට පත්කිරීමේ ක‍්‍රියාදාමයේ යෙදි සිටින බවයි.

“පනත හඳුන්වා දීමෙන් නොනැවතී මේක ක‍්‍රියාත්මක කරන්න  ඕන  වටපිටාවකුත් නිර්මාණය කළා.  අපි  දහනමවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහතික කළ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකම් අතරට එකතු කළා”.

මේ අනුව යමින්  පසුගිය වසරේ  හඳුන්වා දුන්  පනත ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ  පනත්  10ට ජාත්‍යන්තර   සංවිධානයකින් ශ්‍රේණි ගත කර ඇති බව ද අමාත්‍යවරයා  වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top