මෛත්‍රී, මහින්ද පිල් දෙකේම සමහර නාම යෝජනා අහකට

පළාත් පාලන ආයතන 93 කට අදාළ නාමයෝජනා බාරගැනීම 14 බ්‍රහස්පතින්දා  දහවල් 12.00 අවසන් වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප  වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත්  බදුල්ල, මහියංගනය  සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු  බව ඒ ඒ  දිස්ත්‍රික්ක වල තේරීම් භාර නිලධාරීහු පවසති.

නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම, අපේක්ෂකයන්ගේ අත්සන් නිසි පරිදි නොතිබිම, ස්ත්‍රී පුරුෂ භාවය නිසි පරිදි සඳහන් නොකිරීම  සහ පක්ෂ විසින් නම් කරන ලද පුද්ගලයා නාමයෝජනා භාර නොදීම වැනි කරුණු කිහිපයක් මත නාම යෝජනා පත්‍ර මෙලෙස  ප්‍රතික්ෂේප වී තිබේ.‍

නීතිමය ගැටලු නොමැති පළාත් පාලන ආයතන 93ක නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඊයේ දිනයේ අවසන් වු අතර අනෙකුත් පළාත් පාලන ආයතන 248නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා සිදු  මැතිවරණ කාර්යාලය පවසයි.

Related posts

Comments are closed.

Top