ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර හතරක් නිකුත් කර තිබේ.
තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්ගේ ප්‍රධානත්වයෙන් 16 සෙනසුරාදා එය සිදු කර ඇත්තේ තලවතුගොඩ දියසරු තෙත් බිම් උද්‍යානයේ දීය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම මුද්දර පෙළ නිකුත් කරනු ලැබු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිටතඹලයා, ශ්‍රී ලංකා සිළුකවුඩා යන කුරුල්ලන් සිව්දෙනා මෙම මුද්දර පෙළින් නිරූපණය කෙරේ.
මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව ස්වභාව සෞන්දර්යය සහ වනජීවින් යන තේමාව යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර එම තේමාවෙන් මේ වසර වෙනුවෙන් නිකුත් කරනු ලබන මුද්දර පෙළ මෙය බව රජය පවසයි.
ශ්‍රී ලංකාව ආවේණික පක්ෂි විශේෂ 26කට සහ යෝජිත ආවේණික විශේෂ හතකට නිවහන වේ.