කෙසෙල්වත්තේ ෆුට්බෝල් සිරා දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා පා පන්දු ඉතිහාසයේ බිහිවූ දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන පී.ඩී. සිරිසේන අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 77 වියේ පසු වූ ඔහු අතිදක්‍ෂ පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම ආසියානු පාපන්දු සම්මේලනයේ හිටපු උපදේශකවරයකු වේ.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවකු වශයෙන්ද පී.ඩී. සිරිසේන  කටයුතු කර ඇත.

පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රිඩකයකු ලෙස සමස්ත ලංකා කණ්ඩායමලංකා කණ්ඩායමසෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයබැංකු කණ්ඩායම සහ නෙදර්ලන්ත පාපන්දු සමාජය  නියෝජනය කිරීමටද ඔහු සමත්ව තිබේ.

මරදාන සංඝරාජ විදුහලෙන් පාපන්දු කී‍්‍රඩාවට පිවිසි ඔහු කොළඹ 12 සන්තබස්තියම් වීදියේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ උපත ලැබූ අයෙකි.

කොළඹ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘවරයා වන සිරිසේනගේ දේහය දෙසැම්බර් 20 හා 21 යන දෙදින බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතරඅවසන් කටයුතු 21වැනි බ්‍රහස්පතින්දා සවස 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related posts

Comments are closed.

Top