පුංචි ඡන්දයේ දී මහින්ද පිලට ශ්‍රීලනිප සහාය

මුල්ම වතාවට මැතිවරණයේ තරග වදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය පලවී තිබේ.

මෙවර පළාත් පාලන මැතිවණය සදහා ශ්‍රීලනිපය විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප  වූ ප‍්‍රදේශවල තම පාක්‍ෂිකයන්ගේ සම්පුර්ණ සහයෝගය මහින්ද පාර්ශවය වෙත ලබා දෙන බව යහපාලන රජයේ ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන අමාත්‍යවරයකු පවසයි.

ශ්‍රීලනිප නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව සඳහා  තම පාක්‍ෂිකයන්ගේ සම්පුර්ණ සහයෝගය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බවයි මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සදහන් සදහන් කරන්නේ.

ඔහු ඒ බව කියා සිටියේ බදුල්ලේ දී පැවති ජනහමුවක් අමතමිනි.

අපේ පක්ෂයේ නාමයෝජනා දෙකක් ප්‍රතිකේෂ්ප වුණා දෙහිඅත්තකණ්ඩියේ හා පදියතලාවේදි. දෙහිඅත්තකණ්ඩියේ හා පදියතලාවේ ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා අපේ නාමයෝජනා පත්‍ර ප්‍රතිකේෂ්ප වුණ නිසා එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න පුළුවන් ජී එල් පීරිස්ගේ පක්ෂයට යයි ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී වැඩි දුරටත් කියා තිබේ.

නාමයෝජනා ප්‍රතික්ෂේප  වූ පළාත් පාලන ආයතන වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු පක්ෂයකට සහාය ලබා නොදෙන බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරීස් මාධ්‍යවෙත පවසා ඇත.

Related posts

Comments are closed.

Top