ඔස්ට්‍රේලියාව ISIS විරෝධී ගුවන් ප්‍රහාර අත්හිටුවයි

 

ඉරාකයේ  සහ සිරියාවේ ISIS කණ්ඩායම් ඉලක්ක කරගනිමින් දියත් කරන ගුවන් ප්‍රහාර නවතා දැමීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

හොනට් ජෙට් යානා හයක් නැවත කැඳවා ඇති නමුත් ඉරාක රජයේ ඉල්ලීම පරිදි ඉන්ධන පිරවීමේ සහ නිරීක්ෂණයේ යෙදෙන ගුවන් යානා එහි රඳවා තැබෙනු ඇත.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් මැඩලීම සඳහා පිහිටවූ ජාත්‍යන්තර හවුලේ එක් පාර්ශවයක් ලෙසින් වසර දෙකකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාව විසින් ගුවන් ප්‍රහාර මෙහෙයවා තිබේ.

IS සංවිධානයට එරෙහිව මෑතකදී ඉරාකය ලබාගත් ජයග්‍රහණය මෙම තීන්දුව සඳහා හේතු වූ බව එරට ආරක්ෂක ඇමැති මරිසේ පේන් පවසා ඇත.

ඇමරිකා එක්සත් ජනපද නායකත්වයෙන් යුත් මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියාව හමුදා නිලධාරීන් 780 ක් පමණ යොදවා තිබුණි.

“ඉරාකය සහ ජාත්‍යන්තර හවුල සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව අප රජය තීරණය කළා මැද පෙරදිගට යොදවා ඇති හොනට් ජෙට් යානා 6 නැවතත් ගෙන්වීමට,” යැයි ආරක්ෂක ඇමැති  පවසා ඇත.

එසේම මෙම මෙහෙයුම් දීර්ඝ සහ දරුණු ඒවා බවත් ඇය වැඩිදුරටත් විස්තර කර තිබේ.

 

Related posts

Comments are closed.

Top