ඉන්දුනීසියා පොලිසිය ලිංග බේදය බලහත්කාරයෙන් ඉගැන්වීමේ මෙහෙයුමක 

 

ලිංග විපර්යාසයට ලක්වුණු කාන්තාවන් 12 දෙනකුගේ දිගු කෙස් බලෙන් කපා දමා, ඔවුන්ට “සැබෑ පිරිමි” ලෙසින් හැසිරීමට තමන් උගන්වන බව පවසමින් ඉන්දුනීසියාවේ පොලිසිය විසින් රඳවා තබාගෙන තිබේ.

අචේ ප්‍රාන්තයේ පිහිටා තිබෙන රූපලාවන්‍යගාර කිහිපයක් ඉකුත් සති අන්තයේදී වැටලීමෙන් පසුව ඒවායෙහි සේවය කරන සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් ප්‍රදේශ පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇත.

එහිදී පුරුෂ ඇඳුම් ඇඳ ගැනීමට ද ඔවුන්ට බල කර තිබේ.

මෙම කාන්තාවන් දින තුනක කාලයක් පොලිස් අත්අඩංගුවේ රඳවා තබන බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානි අහමඩ් උන්තුන්ග් BBC පුවත් සේවයට පවසා ඇත.

ඉස්ලාමිය නීතිය දැඩිව ක්‍රියාත්මක වන එකම ඉන්දුනීසියානු ප්‍රාන්තය ලෙස අචේ සලකනු ලබයි.

එහි පොලිසිය විසින් සිදුකළ මෙම ක්‍රියාව මානව හිමිකම් සංවිධාන වල දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ලිංග විපර්යාසයට ලක්වූවන් ඉන්දුනීසියාව තුල හඳුන්වන්නේ “වරියා” නමිනි. එය එරට කාන්තාවන් සහ පුරුෂයන් හැඳින්වීම සඳහා යොදා ගන්නා වචන දෙක එක්කාසු වීමෙන් තැනුන එකකි.

සැබෑ මිනිසුන් කරනවා

“උපදේශන සහ පුහුණුකිරීම් ලබා දීම සඳහා අපි ඔවුන් දින තුනක් රඳවා තබා ගන්නවා. එය ඉතාමත් හොඳින් කෙරීගෙන යනවා ඒවගේම ඔවුන් දැන් සැබෑ මිනිසුන් ලෙස හැසිරෙනවා,” යනුවෙන් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානි අහමඩ් උන්තුන්ග් පැවසුවේය.

ලිංග විපර්යාසයට ලක්වූ ප්‍රජාවගෙන් තම දරුවන් වෙත “සෘණාත්මක බලපෑමක්” එල්ල විය හැකි බවට අසල්වාසීන් ගෙන් ලැබුණු පැමිණිලි මත “සදාචාර විරෝධී උමතුවට මෙහෙයුමක්” ලෙස හැඳින්වූ වැටලීම සිය කණ්ඩායම විසින් සිදු කළ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

 

 

පොලිසිය නීතියට පිටින් සහ අමානුෂිකව ක්‍රියා කර ඇති බව පවසමින් ඉන්දුනීසියානු ජාතික මානව හිමිකම් කොමිසම මෙම ක්‍රියාව හෙළා දැක ඇත.

“සියලු පුරවැසියන් ආරක්ෂා විය යුතුයි එසේම සෑම දෙනාටම සමානව සැලකිය යුතුයි,” යැයි කොමසාරිස් බෙකා හප්සරා පැවසුවේය.

“වැටලීම ගැන ලැබුණු තොරතුරු සහ දකින්න ලැබුණු ඡායාරූප අනුව, ඔවුන් පොලිස් ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති වග පැහැදිලියි. පොලිසියේ වගකීම ජනතාව ආරක්ෂා කිරීමයි, විශේෂයෙන්ම අනතුරට ලක්වීමේ වැඩි අවදානමක් ඇති උදවිය.”

Related posts

Comments are closed.

Top