රට බෙදන සහ රට විකුණන බවට අද චෝදනා නගන්නේ ඉතිහාසයේ මේ රට පාලනය කළ කිසිදු රජකෙනෙක් හෝ ජනාධිපතිවරයෙක් සිදු නොකළ අන්දමින් රටේම කොටසක් සින්නක්කරව විදේශ රටකට පවරාදීමට සැලසුම් සකස්කළ අය වීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පවසයි.
කොළඹ වරාය නගරයට අක්කර 240 ක් සින්නක්කරව චීනයට පවරාදීමට සැලසුම් සකස්කළ අන්දම සහ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි අක්කර 6 ක භූමිය සින්නක්කරව ෂැංගි්රල්ලා හෝටල් සමාගමට පවරාදුන් අන්දම අද හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ නායකයන්ට අමතක වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ 29 සදුදා පස්වරුවේ මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටී.

රතුපස්වල වතුර ඉල්ලා හැඬු ජනතාවට වෙඩි තැබුවා සේම කටුනායක කම්කරු අයිතිවාසිකම් ඉල්ලූ කම්කරුවන්ට වෙඩි තබා මරා දැම්මත් කොළොන්නාවට කුණු ගේන්නට එපා කියද්දී ඔවුන්ට තුවක්කුව දිගුකර ජීවිත ගණනාවක් විනාශවන තුරු කුණු කන්ද අහස උසට ගොඩනැගුවේ පැවති රජය බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කර තිබේ.