මාලදිවයින: හිටපු ජනපති සහ විනිසුරුවන් අත් අඩංගුවේ 

 

මාලදිවයින් දේශපාලන අර්බුදය තව දුරටත් වියවුල් සහගත තත්වයකට ඇද දමමින් හිටපු ජනපති අබ්දුල් ගයුම් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දොර කඩා දමා නිවසට ඇතුල් වූ පොලිස් නිලධාරීන් සිය පියා අත්අඩංගුවට ගත් බව ඔහුගේ දියණිය යුම්නා ගයුම් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

එසේම මාලදිවයින් රජය විසින් 5 සඳුදා රට තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු එරට ශ්‍රේෂ්ඨාධිකරණ මහවිනිසුරු අබ්දුල්ලා සහිඩ් ද අලි හමීඩ් නම් තවත් එක් විනිසුරුවරයකුද පොලිස් භාරයට ගෙන ඇත.

ඔවුන් ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වනතෙක් ලබා දී නැත.

දඩයමක්

මොහොමඩ් නෂීඩ් ඇතුළු හිටපු දේශපාලන නායකයන් වහාම නිදහස් කර නඩු විභාගය නැවත පවත්වන මෙන් මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 1 බ්‍රහස්පතින්දා ලබා දුන් තීන්දුව වත්මන් ජනපති අබ්දුල්ලා යමීන්ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විපක්ෂ කණ්ඩායම් ඊට එරෙහිව විරෝධය පල කිරීම නිසා රට තුල නොසන්සුන්  තත්වයක් හටගෙන තිබේ.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය “දඩයමක්” බව විපක්ෂ  කණ්ඩායම් ප්‍රකාශ කරයි.

එසේම එය ජාත්‍යන්තරයේ ද දෝෂ දර්ශනයට ලක් වී ඇත.

 

“ලොවම බලා සිටින බවට” සඳහන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජනපද ආරක්ෂක කවුන්සිලය අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

අධිකරණ තීරණය තමන් ක්‍රියාත්මක කරන බව එරට පොලිස් කොමසාරිස් ප්‍රකාශ කළ නමුත් අබ්දුල්ලා යමින් පාලන තන්ත්‍රය ඔහු නිළයෙන් පහ කර තිබේ.

වත්මන් ජනපතිට දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහු බලයෙන් නෙරපා දැමීමට තැත් කරන ඕනෑම බලවේගයකට එරෙහිව ක්‍රියා කිරීම සඳහා මාලදිවයින් රජයෙන් හමුදාවට නියෝග ලැබී ඇත.

කෙසේ වෙතත්, “ජනපති අබ්දුල්ලා නීති විරෝධී අයුරින් යුද නිතිය උල්ලංඝනය කළේ” යැයි පවසන හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්, ඔහු නිළයෙන් ඉවත් කිරීමට ඉන්දියවෙන් සහ එක්සත් ජනපදයෙන් උදව් ඉල්ලා තිබේ.

Related posts

Comments are closed.

Top