ජනපති ගේ අනුමැතියෙන් යහපාලනය ඉදිරියට ගෙනයාමේ එකඟතාවක්| VIDEO

පළාත් පාලන මැතිවරණ සමයේ බෙදී වෙන්වී  ඡන්ද බිමේ සටන් කර පරාජය වූ පසු පවත්වන ලද පළමු ජාතික සමගි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙකේ අමාත්‍යවරු  පවතින රජය දිගටම පවත්වාගෙන  යාමේ හැකියාව පිළිබඳව බලාපොරොත්තු පළ කළහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනාගත රාජ්‍ය පාලනය පිළිබඳව සිකුරාදා වන විට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරු ඔහු සමග පැවැති විශේෂ සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යවේදීන් ට දැනුම් දුන්හ.

තුන් අවුරුද්දකට ඉහතදී බලයට පත්වෙමින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ජනපති, අගමැති දෙපලම කැපවී ඉන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා පැවසීය.

“ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ රටට දුන් පොරොන්දු ඉෂ්ට කරන්න ඹ්න. ඒ තුළ අඩුපාඩු තියනවානම් අඩුපාඩු නිවැරදි කරගත යුතු වෙනවා. ඒ වගේම වැරදි තියනවානම් වැරදි ටික හදා ගන්න වෙනවා.ඒ නිසා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විශාල වගකීමක් තියනවා මේ රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු ටික ඉටු කරන්න” යි දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේය.

 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඒ මතය තහවුරු  කරමින්  “යහපාලනය රජය ඉදිරියට යන,” බව සහතික කළේය.

ජාතික සමගි රජය තව දුරටත් ආණ්ඩු කරන්නේ නම් කැබිනට්ටුවෙන් ඉවත් වන බවට කලින් අනතුරු අඟවා සිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් වරයාද කියා සිටියේ ජනාධිපති තීන්දුවට එම පක්ෂයේ නායකයන් අනුගත බවයි.

පාර්ලිමේන්තුවේ ඉන්නා සියලු මැති ඇමැතිවරුන්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  සමග “එකම තීන්දුවක ඉන්නා,” බව ඔහු කියා සිටියේය.

තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු  මාධ්‍යවේදීන්ට  පලකළ  අදහස්ද මෙහි එන වීඩියෝ පටයේ එයි.

Related posts

Comments are closed.

Top