සමගි ආණ්ඩුව දිගටම ගෙනයන බව කියන රනිල් එළවීමට ජනපති නීති උපදෙස් පතයි | VIDEO

තමන් බලයට පත්කළ 2015 ජනවාරි බලවේග සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරද්දී ඔහු එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  නීතිපතිවරයාගේ හා නීති විශාරදයන්ගේ උපදෙස් ලබා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

අගමැතිවරයා රජය පෙරට ගෙනයන බව ප්‍රකාශ කළේ මීට ස්වල්ප වෙලාවකට පෙර මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට කැඳවමිනි.

නායකත්වය සඳහා කණ්ඩායමක් ගොඩනගා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමටද අගමැතිවරයා පොරොන්දු විය.

ආණ්ඩුවේ ඇමැතිකම් බාර නොගන්නා  ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවට ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් නොදැක්වු බව පැවසු මන්ත්‍රී කුමාර වෙල්ගම තව දුරටත් සදහන් කළේ “මොකද එතුමා කියන්නේ එතකොට රටට අසමගිය පේනවා. ඒක නිසා මේක හරියාකාරව යනවා නම් අපි ඹක්කොම ඇමැතිකම් භාර ගන්න ඹ්න කියන එක “

එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය 16 සිකුරාදා  ජනාධිපතිවරයා සමග පැවැත්වු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා ඒ බව සදහන් කළේය.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ආණ්ඩුව ගෙන යාමට සහයෝගය ලබා දෙන අතර කිසිදු තනතුරක්, ඇමැතිකමක් භාර නොගන්නා බවයි.

මාධ්‍යවේදීන් වෙත  අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම් චන්ද්‍රෙස්න පවසා එහිදී පවසා  සිටියේ “එක්සත් ජාතික පක්ෂය නැති ආණ්ඩුවක් හදන්න තමයි අපි සාකච්ඡා කළේ. මුලික සාකච්ඡාව අද අපි කළා. කමිටුවක් පිහිටුවන්න තීරණය කළා . ඒ අනුව තව දවස් දෙක තුනකින් අපිට ප්‍රතිඵල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

එක්සත් ජාතික පක්ෂයේ නොවන අගමැතිවරයෙක් පත් කර ගැනීම සදහා සහයෝගය ලබා දෙන බව ජනාධිපතිවරයා සමග පවසා ඇති ඒකාබද්ධ විපක්ය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ලෙස සිය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් ඡන්දය ලබා දුන් ජනතාව ආරක්ෂා කරමින් සියලු කටයුතු සිදු කරන බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ජනපතිවරයා සමග පැවැත්වු එම සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුනවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, කුමාර වෙල්ල, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ඇතුලු පිරිසක් සහභාගි වී තිබේ.

Related posts

Comments are closed.

Top