වතුර ඉල්ලූ ගොවීන්ට ජල කාලතුවක්කු ප්‍රහාර | VIDEO

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර දසදහස් ගණනක් අස්වද්දන වැවක ජලය විකිණීම සඳහා විදේශීය සමාගමකට පවරා දීමට විරෝධය පෑ ගොවි ජනතාව ප්‍රමුඛ උද්ඝෝෂකයන්ට පහර දුන් පොලිසිය පනහකට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබේ.

රාජාංගනය වැව චීන බෝතල් වතුර සමාගමකට විකිණීමේ සැලසුම් අකුලා ගන්නා ලෙස රජයට බල කරමින් ගොවි සංවිධාන ප්‍රමුඛ ප්‍රදේශවාසීන් දහස් ගණනක්  තඹුත්තේගම මංසන්ධිය හරස් කොට  පවත්වන ලද උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස් හා ජල කාලතුවක්කුවෙන් පහරදීමෙන් තුන් දෙනකු රෝහල් ගත කරන ලද බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

කෝපයට පත් උද්ඝෝෂකයන් පොලිසියට ගල්මුල් වලින් දමා ගසනුද දකින්නට ලැබුනි.

පොලිස් නිලධාරීන් හතර දෙනකුද රෝහල් ගත කරන ලද බව ප්‍රකාශ කරන පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර කාන්තාවන් පස් දෙනකු ඇතුළු 44 දෙනකු අත් අඩංගුවට ගන්නා ලද බව පවසයි.

Related posts

Comments are closed.

Top