අගමැති එලවන්නට ගිය ශ්‍රීලනිප දහසයේ ඉල්ලා අස්වීම ජනපති අනුමත කරයි

ආණ්ඩුවේ හිඳිමින්ම අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී තිබේ.

විශ්වාස භංග යෝජනාව පරාද වී දෙදිනකින් භාර දුන් ඉල්ලා අස්වීමේ ලිපි අද දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් භාරගන්නා ලද බව හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ගගන හා  ප්‍රකාශ කළේය.

“එක්සත් ජාතික පක්ෂය එක්ක තව දුරටත් හවුලේ ආණ්ඩු කරන්න බෑ” යි කී හිටපු නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ තමන් ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තු විපක්ෂයේ වාඩි ගන්නා බවයි.

විශ්වාස භංගය සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් සම්බන්ධයෙන් අලුත් අවුරුද්දෙන් පසු රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ  ශ්‍රීලනිපය තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටින්නේද යන්න එම මධ්‍යම කාරක සභාව තුල තීරණය කෙරෙනු ඇති බවයි.

Related posts

Comments are closed.

Top