‘උතුරේ සිදු වු ස්ත්‍රී දුෂණ දකුණේත් සිදු වෙන්න දෙන්න බෑ’

12046983_1059329174091674_6527673202584874058_n

තිස් වසරක යුද සමය තුළ  උතුරු, නැගෙනහිර ස්ත්‍රී  දුෂණ සිදු වු ආකාරයෙන් දකුණේත් ස්ත්‍රී දුෂණ සිදුවීමට ඉඩ දී බලා සිටිය නොහැකි බව ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි.

ස්ත්‍රී දුෂකයන්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙස රජයට බලකිරීම සදහා “ලක්බිම මවුවරු සහ දියණියෝ“ සංවිධානය විසින් 18 සිකුරාදා (අද) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත් වු විරෝධතාවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

ගණන් කළ නොහැකි තරමේ ස්ත්‍රී දුෂණ වසර තිහක යුද සමය තුළ උතුරු, නැගෙනහිරසිදු වු බව පවසන සතිවේල් පියතුමා  පෙන්වා දෙන්නේ මෙරටට පැමිණි ඉන්දීය සාම හමුදාවද මේ රටේ ළමයින් සහ කාන්තාවන්  දුෂණයයට ලක්  කළ බවයි.

යුද වාතාවරණය තුළ එවැන්නක් සිදු වන බවට පවසමින් එම කාලයේ දී  දකුණේ වැසියන් ස්ත්‍රී දුෂණ වලට විරුද්ධව හඩක් නොනැගු බවට චෝදනා කරන ඔහු පවසන්නේ එම දුෂණ  අද වන විට දකුණටත් ව්‍යාප්ත වී ඇති බවයි.

යුද්ධයට වග කිව යුතු දේශපාලකයන් ස්ත්‍රී දුෂණ වලට ද වග කිව යුතු බව ඔහු අවධාරණය කරයි.

ස්ත්‍රී දුෂකයන් මත් ද්‍රව්‍ය වලට ද සම්බන්ධ බව පෙන්වා දෙන ඔහු  මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ දේශපාලකයන් පාර්ලිමේන්තුවේ රජවී ඇති බවත්  ‘යහපාලන’ ආණ්ඩුවෙන්  ඔවුන් එලියට දැමීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙනවා.

නොඑසේනම් රටේ දරුවන්ට සහ කාන්තාවන්ට ආරක්ෂාවක් නොමැති බවයි  සතිවේල් පියතුමා පවසන්නේ.

යුද සමයේත්, විශේෂයෙන් ඉන් පසු කාලයේත් ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක අංශ විසින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එරෙහිව ලිංගික ප්‍රචණ්ඩතා කෙරුණු බවට පිළිගත හැකි තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෙළි කරන එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වෙයි.

 

 

 

 

Related posts

Comments are closed.

Top