ලෙස්ටර්, සිංහල ලකුණ ලෝකයට හඳුන්වා දුන් සිනමාවේදියා: අදූර් ගෝපාලක්‍රිෂ්ණන් | VIDEO

සිංහල ලකුණ ප්‍රථම වතාවට ලෝකයට හඳුන්වා දුන් සිනමාවේදියා ලෙසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ අවමංගල උත්සවයේදී තවත් විශ්ව පූජිත අධ්‍යක්ෂවරයකුගේ සම්භාවනාවට පාත්‍ර විය.

අනූ නම වැනි වියේදී දිවි සිනමා තිරය වැසුනු ලෙස්ටර් ජේම්ස් පීරිසුන් ගේ අවසන් කටයුතු කලාකාර, දේශපාලක සහ රසික සමූහයාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරිනි.

කේරල නව සිනමාවේ පුරෝගාමියා ලෙස සැලකෙන අදුර් ගෝපාලක්‍රිෂ්ණන්, තමන් ඉන්දීය සිනමා ආයතනයේ අවසන් වසරේ උපාධි අපේක්ෂකයකු ලෙසින් සිටියදී දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ගම්පෙරළිය නැරඹු අයුරු සියවස් අඩකටත් වැඩි කලකට පසු අවමගුල් සභාව හමුවේ සිහිපත් කළේ මහත් ආස්වාදයෙනි.

“එය සැබෑ පුද්ගලයන්ගෙන්, සැබෑ සිදුවීම් වලින් පිරි, එම සැබෑ සිදුවීම් සත්‍යවාදී ලෙස පිරියම් කළ චිත්‍රපටයක්,” ලෙස ගෝපාලක්‍රිෂ්ණයන් විසින් හඳුන්වා දෙන ලදී.

“මා මෝහනය කළ චිත්‍රපටයක්, මා සතුටින් පුරවා ලූ චිත්‍රපටයක්.”

සිංහල වෘත්තාන්ත සිනමා නිර්මාණයකට පළමු වතාවට ජගත් අවධානය කැඳවමින් ලෙස්ටර්ගේ ගම්පෙරළිය ඒ වසරේ රණමයුර සම්මානය දිනාගත්තේය.

එය, ශ්‍රී ලංකාවේ “මහා සංස්කෘතියක්, සැබෑ සමාජයක්” ඇති බව ලෝකයා අවබෝධ කරගත් පළමු වතාව බව අදූර් ගෝපාලක්‍රිෂ්ණයෝ වැඩිදුරටත් කියා සිටියහ.

Related posts

Comments are closed.

Top