රට ගිය ඇත්තන්ට අන්තර්ජාලයෙන් තට්ටු කරන හොරු ගැන රතු එලියක්

සමාජ ජාලා වෙබ් අඩවි උපයෝගි කරගනිමින් විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ට වංචා කරන්නන් පිළිබඳව ආරංචි ලැබෙමින් පවතින බැවින් එවැනි ආකාරයේ වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

විදෙස් ශ‍්‍රමිකයන් සුරැකීමේ සංවිධානයන් ලෙස විවිධ නම්වලින් හෝ ෆොරින් ක්ලබ් ලෙස හඳුන්වන ආයතන විසින් ඉතාලියේ ප‍්‍රංශයේ මෙන්ම මැදපෙරදිග රටවල වාසය කරන හා සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් ගොදුරු කරගැනීමට  ”නිවාස තනාදීම” නොයෙක් ව්‍යාපෘති සඳහා අරමුදල් ලබාදීම වැනි නොයෙක් ආකාරයේ පහසුකම් සලසා දීමට යැයි පවසා ජනතාව රැවටීමට සංවිධානය වූ කල්ලි කටයුතු කරමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිබඳව පැමිණිල්ලක් හෝ තොරතුරුක් වේ නම් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති විමර්ශන අංශ භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙත පැමිණ හෝ ලිඛිතව තොරතුරු ලබා දීමට හැකිය.

තොරතුරු ලබාදෙන්නන්ගේ පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට  පොරොන්දු වන බවට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහතික වෙයි.

Related posts

Comments are closed.

Top