සංඝයා වහන්සේ වෙනුවෙන් නොපමාව වැඩ කිරීමට ජනපති සහතික වෙයි

සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අනුව නොපමාව ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

ඒ වෙනුවෙන් බොහෝ වැඩකොටසක් මේ වන විට ඉටු කර තිබෙන අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බවයි   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

ජනාධිපතිවරයා ඒ බව  ප‍්‍රකාශ කළේ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලද සද්ධර්ම කීර්ති ශී‍්‍ර විද්‍යා විභූෂණ, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාතලේ ශ‍්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ වෙත එම ධූරය පිළිබඳ අක්තපත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන්  17 බ්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

 “දක්ෂ වියත් පඬිරුවනක් වන පූජ්‍ය මාතලේ ශ‍්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේගේ ශාසනික හා සාමාජයීය මෙහෙවර අගය කරමින් උන්වහන්සේට මෙම ධූරය පිරිනමා තිබේ”. යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

සමාජය යහමගට ගැනීම සඳහා ආගමික දර්ශනයන්ට අනුව ඉටුකළ යුතු වැඩපිළිවෙළ ද නොපමාව ඉටු කිරීමට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිතුමා එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

Comments are closed.

Top